දේශීය

හෙට ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට (21) පෙ.ව. 8.30 සිට ප.ව. 8.30 දක්වා පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර, කළුතර දකුණ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

එමෙන් ම නාගොඩ, බෝම්බුවල, පිලමිනාවත්ත, පයාගල, මග්ගොන, අලුත්ගම, දර්ගා නගරය සහ බෙන්තර යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටු වීමට නියමිත ය.

විදුලිබල මණ්ඩලයේ සහ ජල සම්පාදන මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් තාවකාලිකව ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරට ත් සඳහන් කළේ ය.

Related posts

අද සිට මංගල උත්සව තහනම්

Mohamed Dilsad

STF නව ප්‍රධානියාගේ නම අද පොලිස්පතිට

Mohamed Dilsad

මොනරාගල රෝහලේ මුල්ගල් තැබීමකට මාලිමා ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමති බලෙන් පනී !

Editor O

Leave a Comment