දේශීය

පුනරුත්ථාපන පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූලයි

(UTV | කොළඹ) – පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බව කතානායකවරයා අද (20) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.

අද පෙරවරු 9.30ට සභාවේ කටයුතු ආරම්භ කරමින් සිය නිවේදන ඉදිරිපත් කරමින් කතානායකවරයා මේ බව පැවසීය.

කතනායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ, අදාළ කෙටුම්පත පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් හා ජනමත විචාරණයකින් හෝ එහි ඇතැම් වගන්ති සංශෝධනය කිරීමෙන් පසුව සම්මත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති බව ය.

Related posts

නවක වද ක්‍රියාකාරකම් නවතා දැමීම සඳහා බුද්ධි අංශවල සහාය

Mohamed Dilsad

ජංගම ගිණුමේ ඩොලර් මිලියන 182.6ක හිගයක්….

Editor O

30 වෙනිදා ගැන තවත් විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment