දේශීය

දිවයින පුරා ලංගම බස් වර්ජනයකට සැරසෙයි

(UTV | කොළඹ) – පුද්ගලික බස්රථ හිමියන් ඇතුළු සේවකයන් විසින් ලංගම බස් රථ වල සේවය කරන සේවකයන් හට සිදු කරන අමානුෂික පහරදීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් ලංගම සියලුම ඩිපෝවල සේවකයන් ඉදිරියේ දී අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය සඳහන් කරයි.

රත්නපුර ඩිපෝවේ මහනුවර – රත්නපුර අතර ධාවනය කළ බස් රථයේ කොන්දොස්තරවරයෙකුට සිදුකළ අමානුෂික පහර දීම සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නොමැති බව එම සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ සඳහන් කරයි.

පහරකෑමට ලක්වූ කොන්දොස්තරවරයා මේ වන විටත් රත්නපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් පහරදීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර අදාළ පිරිස් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලීමක් කරන බවත් ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් රත්නපුර ඩිපෝවේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බවත් පහරදීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් ඉදිරියේදී දිවයින පුරා සියලුම ඩිපෝවල මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ව්‍යාප්ත කරන බවත් ඔහු පැවැසීය.

අදාල පහරදීම සම්බන්ධයෙන් මේ වන විට විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන දැනුවත් කර ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

සිරකරුවන් 512 කට ජනපති පොදු සමාව [PHOTOS]

Mohamed Dilsad

පුද්ගලයින් 138 ක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත

Mohamed Dilsad

ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍ර ගැන හෙළිදරව්වක්

Mohamed Dilsad

Leave a Comment