Trending News

“පිස්සෝ කලබල වුණාට ‍දොස්තර කලබල නැහැ ”

(UTV | කොළඹ) – ප්‍රශ්නවලට බය නොවී රටේ අභියෝග භාරගත හැකි පිරිස සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බව එම පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය.

පුත්තලම ආරච්චිකට්ටුවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් ඊයේ (27) මහින්ද රාජපක්ෂ මහතා එසේ පැවසීය.

ඕනෑ ම මැතිවරණයකට තම පක්ෂය සූදානම් බව ද මහින්ද රාජපක්ෂ මහතා කීය.

විවිධ බොරු ප්‍රචාර යවා ජනතාව උසිගන්වන පිරිස් රට වෙනුවෙන් වගකීම් භාර ගැනීමට පෙරට නොඑන බව ද හිටපු ජනාධිපතිවරයා පැවසීය.

විවිධ බොරු ප්‍රචාර පතුරු වන පිරිස්වලට තමාට මතක් කරදීමට ඇත්තේ, “පිස්සෝ කලබල වුණාට ‍දොස්තර කලබල නොවන බවට” ඇති පරණ කතාව බව ද මහින්ද රාජපක්ෂ මහතා කීවේ ය.

Related posts

Kalu Ganga and Gin Ganga water levels receding – Irrigation Department

Mohamed Dilsad

“Gota dodging Lasantha case in US by betraying the forces and country” – Shiral

Mohamed Dilsad

රටේ ලොකුම ප්‍රශ්නයට විසඳුමක්..! රාජ්‍ය පරිපාලන ඇමතිගේ නමට ඉදිරියෙන් ‘මහාචාර්ය’ ලෙස යොදන්නැයි සියළු ආයතනවලට චක‍්‍රලේඛයක්

Editor O

Leave a Comment