දේශීය

තීරණාත්මක IMF සාකච්ඡාවක් ළඟඳීම

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ ණය හිමියන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක් එළැඹෙන නොවැම්බර් 03 වැනි දා පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.

IMFහි ශ්‍රී ලංකාව සඳහා පත්ව සිටින නව නේවාසික නියෝජිත සර්වත් ජහාන් සහ හිටපු නේවාසික නියෝජිත ටුබගස් මහත්වරුන් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා අතර පැවති හමුවකදී මේ බව ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳ දීර්ඝ වශයෙන් එළැඹෙන නොවැම්බර් 03 වැනි දා සාකච්ඡා කිරීමට නියමිත බව යි වාර්තා වෙයි.

මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කළ කරුණු පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම්වත් කර ඔහුගේ ප්‍රතිචාරය කඩිනමින් දැනුම් දීමට අපේක්ෂා කරන බවත් සාගල රත්නායක විසින් අදාළ නිලධාරින්ට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

Related posts

තිරුකුමරන් නඩේෂන් යළිත් අල්ලස් කොමිසමට

Mohamed Dilsad

රිෆ්කාන් බදියුදීන් ජනපති කොමිසමට ලියයි

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

Mohamed Dilsad

Leave a Comment