ගොසිප්

ගෝටාට කෙලවුනේ ගත්තේ නාමල් කියපු දේවල් කරලා..

(UTV | කොළඹ) – අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව මැතිවරණ ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා පැමිණි නාමල් රාජපක්ෂ මහතාගෙන් රැස්වීම අවසානයේ දී “අය වැය ඡන්දය ආණ්ඩුව පරාජය විය හැකි බවට” චන්න ජයසුමන මහතා දැක්වූ අදහස් පිළිබඳව ජනමාධ්‍ය විමසන ලදි.

එහිදී රාජපක්ෂ මහතා පැවසුවේ උගත් බුද්ධිමත් අය පටු විදිහට වැඩ කරන්නේ ඇයිදැයි තමන්ට නොතේරෙන බවත් චන්න ජයසුමන මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට ලඟින්ම සිට උපදෙස් දුන් අයෙක් බවත්ය.

ඊට මද වේලාවකට පසු තඹුත්තේගමදී ම ජනමාධ්‍යට අදහස් දක්වමින් ඊට පිළිතුරු දුන් චන්න ජයසුමන මහතා පැවසුවේ උගත් බුද්ධිමත් අය නාමල් රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරයන්නේ ඇයි දැයි තේරුම් ගැනීමට නාමල් රාජපක්ෂට නොහැකි වීමම ප්‍රශ්නය බවත් එය නොතේරෙන්නේ නාමල්ගේ අපරිණත බව නිසා බවත් ය.

තවද ගෝඨාභය රාජපක්ෂ මහතාට තමන් ඇතුළු පිරිස උපදෙස් දුන් බව සැබෑ නමුත් මුල් මාස කිහිපයේදී ඊට සවන් දුන්නද පසුව ඊට කිසිදු ආකාරයකට කන් නොදුන් බවත්, අඩුම ගනනේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කිවූ දෙයකටවත් කන් නොදුන් බවත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ක්‍රියා කලේ නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ කිහිප දෙනෙකු කී ආකාරයට බවත් කෙලවා ගත්තේ නාමල් කියූ ආකාරයට කටයුතු කරන්නට ගොස් බවත් පැවසීය.

තව ද නාමල්ලාගේ උපදෙස් අනුව වැඩ කරන්නට ගොස් අමාරුවේ වැටුණු පසු දැන් සියලු පව් තමන්ගේ කරේ ගැසීමට උත්සාහ දැරීමෙන් පලක් නැති බවද පැවසීය.

Related posts

‘දියමන්තියෙන්’ තරඟ වදින සජිත්ගේ කාර්යාලය සිරිකොත අසලටම

Mohamed Dilsad

කොරෝනා වාතය හරහාත් ව්‍යාප්ත වන බවට සාක්ෂි

Mohamed Dilsad

පොදුජන පෙරමුණ ඉන්දියාව විසින් මිලට ගැනීමේ සූදානමක්

Mohamed Dilsad

Leave a Comment