දේශීය

බදු ගැන මුදල් රාජ්‍ය ඇමතිගෙන් නිවේදනයක්

(UTV | කොළඹ) – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ 2022 වසරේ බදු ඉලක්කය වූ රුපියල් බිලියන 915න් සියයට 68.4%ක ඉලක්කයක් මේ වනවිට සපුරා ගෙන ඇති බවයි.

රටේ බදු ආදායමේ සැබෑ තත්ත්වය පිළිබඳ සවිස්තර වාර්තාවක් නුදුරේ දී ම ජනතාව වෙත ඉදිරිපත් කිරීමට සූදානම් බව නිවේදනයක් නිකුත් කරමින් රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කර ඇත.

අමාත්‍යවරයා පැවසුවේ අද (03) ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරා බදු දෙපාර්තමේන්තුව එක්ව සකස් කෙරෙන එම වාර්තාවේ අවසන් සාකච්ඡාව බවයි.

අමාත්‍යවරයා සඳහන් කරේ බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ඇතැමෙකුට නීරස වුව ද මේ මොහොතේ බදු පිළිබඳ කතා නොකළ හොත් වෙනත් කිසිදු මාතෘකාවක් කතා කළ නොහැකි මට්ටමට රට පත් වනු ඇති බවයි.

Related posts

කළුතරට පැය 24ක් ජලය නැහැ

Mohamed Dilsad

මාස 3කට ප්‍රමාණවත් ඖෂධ රජයේ රෝහල් සතුයි..

Mohamed Dilsad

COVID – 19 අරමුදලේ තැන්පතු ශේෂය මිලියන 900 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment