දේශීය

“සජිත් කියන්නේ කොන්දක් නැති කෙනෙක්”

(UTV | කොළඹ) – “සමහරු කියනවා අරගලයට ජාතික ජන බලවේගය ආවේ නෑ කියලා. ඔව් අපි ආවේ නෑ. අපිට කොන්ද පණ නැති අයත් එක්ක හිට ගන්න බැහැ” යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කළේ ය.

සජිත් ප්‍රේමදාස යනු කොන්ද කෙළින් තබාගෙන තීන්දු ගත නොහැකි දේශපාලනඥයෙකු මෙන් ම පනතකට විරුද්ධව අත උස්සන්න හෝ පාර්ලිමේන්තුවේ හරි තීන්දුවක් ගන්න බැරි පුද්ගලයෙකු යැයි ජ.වි.පෙ. ප්‍රධාන ලේකම්වරයා චෝදනා කළේ ය.

එවැනි පුද්ගලයෙක් සමග හිටගෙන ප්‍රජාතන්ත්‍රවාදය දිනාගත හැකිදැයි ඔහු ප්‍රශ්න කළේය.

ඔහු මෙසේ ද කීය.

“සජිත් කියන්නේ කොන්දක් නැති කෙනෙක්. කිසි ම ප්‍රතිපත්තියක් නෑ. පාර්ලිමේන්තු තීන්දුවක් ගන්න බෑ. එහෙව් කෙනෙක් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් යමක් කරයි ද? පොදු සටනක් ආවම ඒකට ඔළුව දාලා ජනතා සටනේ නායකයා වෙන්න තමයි එයා දඟලන්නේ. ඒ ගොල්ලන්ට පාර කපන අයත් රටේ ඉන්නවානේ. ඒක තමයි ප්‍රශ්නේ. සමහරු කියනවා මේ අරගලයට ජාතික ජන බලවේගය ආවේ නෑ කියලා. ඔව් අපි ගියේ නෑ. ඒක පැහැදිලියි. මොකද අපි විශ්වාස කරනවා එවැනි කණ්ඩායමක් එක්ක ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගන්න අපිට බැහැ කියලා.”

Related posts

ජනපති මැදුරට ඇතුළු වූ ප්‍රථම අරගලකරුවා අත්අඩංගුවට

Mohamed Dilsad

රට ලොක්ඩවුන් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් නැහැ

Mohamed Dilsad

තවත් නාවිකයින් 10 දෙනෙකු රෝහල් වලින් පිටවේ

Mohamed Dilsad

Leave a Comment