දේශීය

ගිං ගඟ මෝයකට නාන්න ගිය සිසුන් දෙදෙනා මිය යති

(UTV |  ගාල්ල) – ගිංතොට ගිං ගඟ මෝයකට අසල මුහුදු වෙරළේ දිය නාමින් සිටි සිසුන් දෙදෙනෙකු ඊයේ (08) දහවල් දියේ ගිලී මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ නාවින්න, අරාබි විදුහලේ අධ්‍යාපනය ලබන 14 හැවිරිදි සහ 15 හැවිරිදි සිසුන් දෙදෙනෙකි.

මෙම සිසුන් දෙදෙනා පැය භාගයක් පමණ වේලාවක් දිය යට සිට ඇති අතර පසුව ප්‍රදේශවාසීන් එක්ව ගොඩට ගෙන තිබේ.

ඒ වන විටත් එක් අයකු මියගොස් සිට ඇති අතර අනෙක් සිසුවා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

Related posts

අධික වේගයෙන් යන රියදුරන් අල්ලන්න පොලීසියට අලුත් භාණ්ඩයක්

Editor O

ලිට්‍රෝ සමාගම ගෑස් මිල ගැන තීරණයක් ගනී

Mohamed Dilsad

දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව

Mohamed Dilsad

Leave a Comment