දේශීය

ගෘහ සේවිකාවන් රට යැවීම ගැන අලුත් තීරණයක්

(UTV | කොළඹ) – සංචාරක වීසා මගින් මැදපෙරදිග රටවලට ගෘහ සේවිකාවන් රැගෙන යාම වහාම ක්‍රියාත්මක වන පරිදි අද (11) සිට තහනම් කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන ඇත.

මේ අනුව නුපුහුණු ක්ෂේත්‍රවල රැකියා සඳහා කාන්තාවන් රැගෙන යාම අත්හිටුවන ලෙස රැකියා නියෝජිත ආයතන වෙත දැනුම් දී ඇත.

සංචාරක වීසා මගින් ඕමාන් ඇතුළු මැදපෙරදිග රටවලට ගොස් කාන්තාවන් අතරමංවීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවත්, මෙම වසර තුළ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපළ ඒකකය විසින් නීති විරෝධී ලෙස විදේශ ගතවීමට පැමිණි කාන්තාවන් 586 ක් නැවත හරවා යැවූ බවත් එහි සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ කියා සිටියේය.

Related posts

ධානිෂ් අලී ඇතුළු සැකකරුවන් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

පාඨලී ට සිතාසි

Mohamed Dilsad

තංගල්ල රෝහලේ රෝගියෙක් එන්නතක් ලබාදීමෙන් පසු ජීවිතක්ෂයට

Editor O

Leave a Comment