දේශීය

සතොස 300කට මත්පැන් බලපත්‍ර

(UTV | කොළඹ) – දිවයින පුරා පිහිටි සතොස වෙළෙඳ සල් 300කට මත්පැන් අලෙවි බලපත්‍ර නිකුත් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම් කොට ඇත.

ඒ අනුව සුරාබදු නිවේදන 902 ඛණ්ඩය සපුරා ඇති සියලු සතොස වෙළෙඳ සල් සඳහා කඩිනමින් මත්පැන් බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙන් මේ වනවිට කටයුතු සම්පාදනය වෙමින් පවතින අතර මත්පැන් බලපත්‍ර ඉල්ලුම් කළ ඇතැම් සතොස ආයතන අදාළ සුදුසුකම් සපුරා නොතිබීම හා මහජන විරෝධතා හේතුවෙන් මෙම බලපත්‍ර නිකුත් කිරීමේ ගැටලු උද්ගත වී ඇති බව ද පැවසේ.

සියලු සුදුසුකම් සපුරා නොමැති ඇතැම් සතොස වෙළෙඳ සල් සඳහා ද මෙම බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව ද දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා අදාළ බලපත්‍ර අනුමත කිරීමෙන් අනතුරුව සතොස ආයතනවල මත්පැන් අලෙවි කිරීමේ කවුන්ටර් විවෘත කිරීමට ද පියවර ගෙන තිබේ.

මේ වනවිට දිවයින පුරා සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍ර හයදහසක් පමණ නිකුත් කොට තිබේ.

Related posts

මනූෂ නානායක්කාර CIDයට පැමිණෙයි

Mohamed Dilsad

මෙරට PCR පරීක්ෂණ 98,000 ඉක්මවයි

Mohamed Dilsad

බස්නාහිර විශේෂ මෙහෙයුමකින් 1019 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment