දේශීය

පොහොට්ටුවට එජාපයේ දොර අරී! එජාපයට පණ දෙන ජනපතිගෙන් සැලසුමට අකිල වාර්තාවත් හදයි

(UTV | කොළඹ) – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් අතර හමුවක් පසුගියදා පවත්වා තිබුණා.

එහිදී රටේ දේශපාලන තත්ත්වය දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කළ යුතු බවට තීරණය කර තිබෙනවා.

එජාපය ශක්තිමත් කරන ආකාරය ගැන වාර්තාවක් සකස් කිරීම හිටපු මහ ලේකම් වත්මන් උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා පත් කර තිබෙනවා.

ඒ අනුව කාරියවසම් මහතා එදිනම එහි වැඩකටයුතු ඇරඹූ අතර මේ වන විට පක්ෂයේ ආචාර්ය මහාචාර්යවරුන්, සහ නීතිඥයන් සමග සාකච්ඡා වට කීපයක් පවත්වා ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව සැකසූ වාර්තාව මේ සතියේ ජනාධිපතිවරයාට භාරදීමට නියමිතයි.

මෙහිදී ජනාධිපතිවරයා සහ එජාප ප්‍රබලයන් සාකච්ඡා කර ඇත්තේ ඉදිරි කාලයේ දේශපාලන සන්ධාන ගොඩ නැගීමට ඉඩ ඇතත් එහිදී එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් විය යුතු බවයි.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ තමා ජනාධිපති ධුරයට පත්වූයේ බහුතරයක් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් නිසා හැමදෙනාම එකතු කරගෙන ඉදිරි කටයුතු සිදුවිය යුතු බවයි.

Related posts

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සහන කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

හිටපු ජනාධිපතිවරයා ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

නැවේ ගින්නට හේතුව XPress Pearl නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂකවරයා හෙලිකරයි

Mohamed Dilsad

Leave a Comment