දේශීය

මෙරට මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් ගණන 21,000ට රජයෙන් මාසයකට රුපියල් 15,000 ක්

(UTV | කොළඹ) – මෙරට ළමා මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 21,000ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

ඒ අනුව ආහාර සුරක්ෂිතතාවයේ ඇතිවූ ගැටලු හේතුවෙන් එම සංඛ්‍යාව 40,000 දක්වා වර්ධනය වනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව, ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීමේ ජාතික වැඩසටහනේ ප්‍රධානී ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතා පැවසුවේ, මාස 6ක කාලයක් දක්වා මාසයකට රුපියල් 15,000 බැගින් එම සහනාධාර ලබා දෙන බවයි.

Related posts

සහල් මිල පහළ යන ලකුණු

Mohamed Dilsad

ලාංකික කාර්ය මණ්ඩලය සමග නැවක් වනුආටු රේගුව රඳවාගනී

Mohamed Dilsad

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment