දේශීය

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් ජනපතිට විශේෂ බෑගයක් ලබාදෙයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවන් විසින් නිර්මාණය කරන ලද විශේෂ බෑගයක් අද (02) ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබෙනවා.

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු මෙම බෑගයක් (Attaché Case) ජනාධිපතිවරයාගේ ලිපි ලේඛන රැගෙන යෑම සඳහා නිර්මාණය කර ඇත.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීමට කටයුතු කළා.

ලෝක නායකයන් සංචාරයන්හි නිරත වන විට වැදගත් හා රහසිගත ලිපි ලේඛන රැගෙන යෑමට සුවිශේෂ බෑගයක් භාවිත කිරීම සම්ප්‍රදායක් බවයි සඳහන් වන්නේ.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව බෑගයක් නිර්මාණය කිරීමේ කටයුත්ත ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා යුද හමුදාවට පවරනු ලැබුවේ මෙම ලෝක සම්ප්‍රදාය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමින්.

Related posts

බැසිල්ගේ නම මැතිවරණ කොමිසමට

Mohamed Dilsad

දහම්පාසල් ආරම්භය අදියර 3කින්

Mohamed Dilsad

බස්නාහිරින් පිට වෙන්න හැදු 13 දෙනෙකු ආසාදිතයින් බව හඳුනා ගනී

Mohamed Dilsad

Leave a Comment