දේශීය

මෙරට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කිරීමෙන් කළේ සාහසික අපරාධයක් – පාඨලී

බංග්ලාදේශයේ ඩකා නුවරදී පෙරේදා ආරම්භවූ “මෙට්‍රෝ” දුම්රිය වැනි සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවේද ආරම්භ කිරීමට තිබූ අවස්ථා බලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියා නිසා රටට අහිමිවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

 

මෙරට පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා සිදුකිරීමට නියමිතව තිබූ තවත් ව්‍යාපෘති කිහිපයක්ද රටට අහිමි වූ බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළා.

 

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන පද්ධතිය සම්බන්ධයෙන් ජයිකා ආයතනය සමීක්ෂණයක් සිදුකර දුම්රිය හා බස්රථ සේවා නවීකරණය කිරීමට මොනෝ රේල් නමින් ව්‍යාපෘතියක් හඳුන්වාදුන් බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

 

ඒ සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් ජපානය විසින් ලබාදී තිබූ බවත් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහායද ලබාදී තිබූ අතර මේවා නතර කිරීමෙන් සිදුකළේ සාහසික අපරාධයක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

අහිමිවූ බදු ආදායම් අය කරගැනීමට උපදෙස්

Mohamed Dilsad

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

රවී ඇතුළු සිව් දෙනාගේ පෙත්සම් අද කැඳවයි

Mohamed Dilsad

Leave a Comment