දේශීය

ශ්‍රී ලංකාව නැවතත් නිවැරදි දිශාවට ගමන් කරනවා – කන්නි විග්නරාජා

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහකාර පරිපාලක සහ ආසියා සහ පැසිෆික් කලාපීය කාර්යාංශයේ අධ්‍යක්ෂවරිය වන කන්නි විග්නරාජා හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර හමුවක් සිදුව තිබෙනවා.

 

ඒ අනුව ඇය ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන සංවර්ධනය සඳහා සිදුකරන සැලසුම් පිළිබඳව සිය ප්‍රසාදය පළ කර ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

 

ශ්‍රී ලංකාව නැවතත් නිවැරදි දිශාවට ගමන් කිරීම අගය කරන බවත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන සහය අඛණ්ඩව ලබාදෙන බවට ද සහතික වී තිබෙනවා.

 

තිරසාර සංවර්ධන ඉලක්ක, හරිත ආර්ථිකය, සමාජ සහජීවනය සහ සමාජ ආරක්ෂණය පිණිස වූ සංවර්ධන වැඩසටහන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

Related posts

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පැවැත්වීමට තිබූ විභාගයකට එරෙහි විරෝධතාවට අදාළව අධිකරණ නියෝගයක්

Editor O

21 වන සංශෝධන කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට

Mohamed Dilsad

තවත් 8 දෙනෙකු සොයාගැනීමත් සමඟ සමස්ත ආසාදිතයන් යළි ඉහළට

Mohamed Dilsad

Leave a Comment