දේශීය

ඩයනාගේ පුරවැසිභාවය ගැන විමර්ශනය කරන ලෙස CID යට නියෝගයක්

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයෙන් අවශ්‍ය වාර්තා කඩිනමින් ගෙන්වාගෙන විමර්ශන සිදුකරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (05) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

 

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

 

ඩයනා ගමගේ මහත්මියගේ උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත හා විදේශ ගමන් බලපත්‍රය ව්‍යාජ බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

Related posts

චීන සහතිකය නොමැතිව ලංකාවට ණය දීමට මූල්‍ය අරමුදලේ අවධානය

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින් 2 ක් සුවය ලබා රෝහලෙන් පිටව යයි

Mohamed Dilsad

බාල ඖෂධ ආනයනය කර ඇතැයි ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment