දේශීය

නීතිඥ සංගමයේ නිලවරණය සඳහා දෙදෙනෙක් නාමයෝජනා භාරදෙයි

2023/24 වසර සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය සඳහා නාමයෝජනා භාරදීම අද (11) සිදුකෙරුණා.

 

නීතිඥ කෞෂල්‍ය නවරත්න සභාපති ධුරය සඳහා නාමයෝජනා භාර දුන් අතර නීතීඥ ඉසුරු බාලපටබැඳි ලේකම් තනතුර සඳහා නාමයෝජනා භාරදී තිබෙනවා.

 

නාමයෝජනා භාරගැනීම අවසන් වූ අද දහවල් 12.00 වන විටත් වෙනත් කිසිදු අපේක්ෂකයෙකු සිය නාමයෝජනා භාරදී නොතිබූ බැවින් ම නාමයෝජනා පත්‍ර භාරදීම අවසන් වන විට එම අපේක්ෂකයින් දෙදෙනා නිතරගයෙන් තේරී පත් වීමට නියමිතයි.

 

 

 

Related posts

කළුතර කුඩා වස්කඩුව ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කෙරේ

Mohamed Dilsad

නිරෝධායන නීතියට අවනත නොවූ තවත් 317ක් අත්අඩංගුවට

Mohamed Dilsad

චීනයෙන් හා දකුණු කොරියාවෙන් මෙරටට පැමිණෙන පිරිස් විශේෂ පරීක්ෂණයකට

Mohamed Dilsad

Leave a Comment