දේශීය

උසස් පෙළ ආරක්ෂාව ට පොලිස් නිලධාරීන් 1,625 ක්

හෙට (23) සිට ආරම්භ වන උසස් පෙළ විභාගයේ ආරක්ෂක රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 1,625 දෙනෙකු යෙදවීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

 

විභාග මධ්‍යස්ථාන, සම්බන්ධිකරණ මධ්‍යස්ථාන, ප්‍රාදේශීය හා මධ්‍යම එකතු කිරීමේ මධ්‍යස්ථාන, ප්‍රශ්න පත්‍ර ඇගයීමේ මධ්‍යස්ථාන හා වෙනත් රහස්‍ය ලේඛන ප්‍රවාහන කටයුතුවල ආරක්ෂාව සඳහා මෙම පොලිස් නිලධාරීන් යොදවා ඇත.

 

මීට අමතරව විභාග පැවැත්වෙන දිනයන්හි දී දිවයිනේ පිහිටි පොලිස් ස්ථාන මගින් ක්‍රියාත්මක වන ජංගම සංචාර, යතුරුපැදි සංචාර, පාමුර සංචාර ඇතුළු විවිධ සංචාරයන් මගින් විභාග මධ්‍යස්ථාන කෙරෙහි දැඩි අවධානයක් යොමුකර අවශ්‍ය ආරක්ෂාව සැපයීමට මේ වන විටත් උපදෙස් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයෙන් වැඩිදුරටත් දැනුම් දී තිබේ.

Related posts

නාවික හමුදාවෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

ඉදිරියේ දී විදුලි බිලට සිදුවන වෙනස

Mohamed Dilsad

අල්ලස් ගැනීමට තැත් කල නිලධාරියෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment