දේශීය

විශාලතම වැලි ව්‍යාපාරය ඇමති හිතවතුන් අතට ?

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය වැඩිම වැලි ප්‍රමාණයක් සපයනු ලබන්නේ මහවැලි ගඟේ මනම්පිටිය වැලි සමාගමෙන් වන අතර ඔවුන් දිනකට වැලි ලොරි 500ක් පමණ රටේ අවශ්‍යතාවය වෙනුවෙන් සපයනු ලබයි.

 

මෙහි වැලි කැනීම් කටයුතු භාරව සිටි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශයේ ප්‍රාදේශීය කැනීම් ඉංජිනේරු ටෙක්ෂාන් ජයසිංහ මහතා දේශපාලන බලපෑමක් මත මඩකලපුව ප්‍රදේශයට මාරු කිරීමට විරෝධය පළ කරමින් මනම්පිටිය පාලම අසල පිහිටි භූ විද්‍යා සමීක්ෂණ කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්විය.

 

එම විරෝධතාවට මනම්පිටිය වැලි සමාගමට අයත් වැලි ටිපර් රථ රියදුරන්, වැලි ගොඩදමන්නන් සහ එහි සේවකයින් පිරිසක් එක් සිටී.

 

විරෝධතාකරුවන් චෝදනා කරන්නේ, වත්මන් පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා නියෝජනය කරන මඩකලපුව දිස්ත්‍රික්කයේ ඔහුට හිතවත් ඉංජිනේරුවරයෙකු පොළොන්නරුව කාර්යාලයට අනියුක්ත කර අමාත්‍යවරයාගේ අභිමතය පරිදි වැලි ජාවාරම් සිදු කිරීම මෙහි යටි අරමුණ වී ඇති බවය.

 

එහිදී අදහස් දැක්වූ විරෝධතාකරුවෙක්,

 

“දේශපාලන බලපෑමක් නිසා තමයි මාරු කරලා තියෙන්නේ. මොකද ඒ මිනිස්සුන්ට මංකඩ ගන්න තියෙනවා අලුතින් දේශපාලනඥයින්ට කඩේ යන අයට. ඒ හින්දා තමයි ඒ මහත්තයා මාරු කරලා වෙන මහත්තයෙක්ව ඒ ගොල්ලන්ට ඕනේ විදියට දාගෙන තියෙන්නේ.”

 

කෙසේවෙතත් මඩකලපුව කැනීම් ඉංජිනේරුවරයා පොළොන්නරුවට අනියුක්ත කළහොත් දිවයින පුරා වැලි බෙදාහැරීම් කටයුතුවලින් ඉවත් වන බව ටිපර් රථ රියදුරන් පවසයි.

 

මේ අතර භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ අසේල ප්‍රනාන්දු මහතා තම ආයතනයේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් පවසන්නේ, පැහැදිලි හේතුවක් නොදක්වා සේවා අවශ්‍යතාවය මත බව පවසමින් කරනු ලබන මෙවැනි හදිසි මාරුවීම් තුළින් ඉංජිනේරුවරු දැඩි කලකිරීමකට පත් විය හැකි අතර කාර්යාංශය හැර යාමට එය හේතුවක් විය හැකි බවය.

 

ඒ අනුව, අදාළ ස්ථාන මාරුවීම් දෙක අවලංගු කරන ලෙස අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සිය ලිපිය මගින් ඉල්ලා සිටී.

 

තම ස්ථාන මාරුවට විරෝධය පළ කරමින් පොළොන්නරුව ප්‍රාදේශීය කැනීම් ඉංජිනේරු ටෙක්ෂාන් ජයසිංහ මහතා විසින් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ, සේවා අවශ්‍යතාවක් නොමැති පසුබිමක ස්ථාන මාරුව ක්‍රියාත්මක වන්නේ නම් තමන් 2023-01-17 වන දින සේවයෙන් ඉවත් වන බවය.

 

 

Related posts

මෙරටදී වසර 06ක් දුක්වින්ඳ විදේශිකයින් 30 දෙනාට නිදහස

Mohamed Dilsad

සියලුම විශ්ව විද්‍යාල හෙට සිට සති දෙකක කාලයක් වසා දැමේ

Mohamed Dilsad

පොළොන්නරුව පොහොට්ටු පළාත් සභා සහ පළාත් පාලන නියෝජිත බහුතර සහාය රනිල්ට

Editor O

Leave a Comment