දේශීය

අතුරුදන්වූ දෙදෙනාගෙන් එක් තරුණයෙකුගේ සිරුර හමුවෙයි

මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකු පසුගිය නොවැම්බර් මසදී අතුරුදන්වී තිබුණි.

 

ඒ පිළිබඳ ඥාතීන් පොලීසියට සිදුකළ පැමිණිලි අනුව ඔවුන් දෙදෙනා සොයා විමර්ශන ආරම්භ කෙරුණි.

 

එහිදී තරුණයින් දෙදෙනා ඝාතනය කර රඹුක්කන හුරුමළුව ප්‍රදේශයේ නිවසක වළදමා ඇති බවට තොරතුරක් ලැබී තිබුණි.

 

ඒ අනුව පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්ය බළකා නිලධාරීන් අද එම නිවස පරීක්ෂා කළේය.

 

සිරුරු වළදමා ඇති බවට සැකකරෙන ස්ථානයේ සිදුකළ කැනීම්වලිදී එක් තරුණයෙකුගේ සිරුර සොයාගැනීමට හැකිවී තිබේ.

 

 

Related posts

මෙරටින් තවත් ආසාදිතයන් රැසක් වාර්තා වෙයි

Mohamed Dilsad

ජනපති මාර්තු මාසය ගැන දැඩි අපේක්ෂාවෙන්

Mohamed Dilsad

කටාර්හි සිරවී සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment