දේශීය

මැතිවරණ කොමිසමෙන් හදිසියේම විශේෂ දැනුම්දීමක්

ඇප මුදල් භාරගැනීම අත්හිටුවන්නැයි දන්වා ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදුකළ අනාවරණය සම්බන්ධයෙන් මීට සුළු වේලාවකට පෙර අප මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතාගෙන් විමසීමක් කළේය.

 

එහිදී සභාපතිවරයා පැවසුවේ එලෙස ඇප මුදල් භාරගැනීම අත්හිටුවන ලෙසට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සනින් යුත් ලිපි ලැබී ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරුන් කිහිපදෙනෙකුද තමන්ට දැනුම් දුන් බවය.

 

ඒ අනුව, හෙට පෙරවරුවේ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් රැස්වී මේ සම්බන්ධයෙන් ගතයුතු නීතිමය පියවර පිළිබඳව තීරණයක් ගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අද දෙරණට වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලිමක්

Mohamed Dilsad

ඒකාබද්ධ කාල සටහනට ලංගමයේ විරෝධය

Editor O

Leave a Comment