දේශීය

විශ්‍රාම ගැන්වීමෙන් දුම්රියට දැඩි බලපෑමක් එල්ලවී නෑ – නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී

සේවක විශ්‍රාම ගැන්වීම හේතුවෙන් දුම්රිය ධාවනයට දැඩි බලපෑමක් එල්ල වී නොමැති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා පවසයි.

 

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සේවක හිඟය හේතුවෙන් අද (02) අවලංගු වී තිබුනේ දුම්රිය ගමන් වාර 18 ක් පමණක් බවය.

 

ඒ අනුව, පුත්තලම් දුම්රිය මාර්ගයේ ගමන් වාර 4ක්, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන් වාර 3ක් සහ කැළණි වැලි දුම්රිය මාර්ගයේ ගමන් වාර 3ක්, ප්‍රධාන දුම්රිය මාර්ගයේ ගමන් වාර 2ක්, ඉන්ධන ප්‍රවාහන දුම්රිය 4ක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය 2ක් අවලංගු විය.

 

අද දිනයේදී දුම්රිය ගමන්වාර වැඩි ප්‍රමාණයක් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වුවත්, ධාවනය වූ දුම්රියන්හි තදබදයක් දක්නට ලැබුණි.

 

මේ හේතුවෙන් කාර්යාල සඳහා පැමිණෙන බොහෝ මගීන් අද පෙරවරුවේ අපහසුතාවට පත්ව සිටියේය.

 

වයස අවුරුදු 60 සම්පූර්ණ වූ රජයේ සේවකයින් විශ්‍රාම ගැන්වීම යටතේ පසුගිය 31 වැනිදා විශ්‍රාම ගිය පිරිස 27,000කට ආසන්න බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

එලෙස විශ්‍රාම ගිය පිරිසට දුම්රිය දෙපාර්තමේන්තුවේ 441 දෙනෙකු ද ඇතුළත්ව සිටී.

 

කෙසේ වෙතත්, දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ දුම්රිය ධාවනයට සෘජුවම දායක වන සේවක පිරිස් අතරින් ඊට ඇතුළත්වන්නේ රියදුරන් 9 දෙනෙකු නියාමකවරුන් 06දෙනෙකු, ස්ථානාධිපතිවරු 13 දෙනෙකු, රිය සහායකයින් 13 දෙනෙකු සහ තාක්ෂණික නිලධාරීන් 65 දෙනෙකු පමණක් බවය.

 

එසේ වුවද, පසුගිය 31 වනදා සිට අද දක්වා මගී දුම්රිය ගමන්වාර 82 ක් සහ භාණ්ඩ දුම්රිය ගමන් වාර 24 ක් ඇතුළුව දුම්රිය ගමන් වාර 104ක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

Related posts

අද සිට ත්‍රී රෝද සංගමයක ගමන් ගාස්තුව අඩු කෙරේ

Mohamed Dilsad

කබ්රාල් ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

මද්දකට අසුවී පිරිමි කොළ දිවියකු මිය යයි.

Mohamed Dilsad

Leave a Comment