දේශීය

පීඩන අවපාතයක් පිළිබඳ කාලගුණ නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

මේ හේතුවෙන් ඉදිරි පැය 24 තුළ අදාළ මුහුදු ප්‍රදේශයට යාත්‍රා නොකරන ලෙස එම දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම්දෙයි.

 

මේ වනවිටත් එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරතව සිටින්නේනම් වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයකට පැමිණෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

අඩුපීඩන කලාපය ලබන 31 වන දින වනවිට නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින අතර එය පෙබරවාරි මස පළමුවන දින මෙරට නැගෙනහිර වෙරළ දෙසට ළගාවනු ඇති බවට කාලගුණ බලධාරීන් අනාවැකි පළ කරයි.

Related posts

මැතිවරණ කොමිසමට නිර්දේශ මාලාවක්

Mohamed Dilsad

සමයංගේ ගෝලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට

Mohamed Dilsad

හදිසි අතුරු වෛද්‍ය සේවා වෘත්තීය ක්‍රියාමාර්ගයක්

Mohamed Dilsad

Leave a Comment