දේශීය

පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් රතු එළියක්

රජයේ පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (30) දීප ව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වී තිබේ.

 

බස්නාහිර පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් වැලිසර පිහිටි පශූ රෝහල ද එම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය පළ කර ඇත.

 

රජය සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවට සිදුකරන බලපෑම මුලික කරගනිමින් ඔවුන් එම වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

 

කෙසේ වෙතත් මේ හේතුවෙන් අද දිනයේ ජනතාව දැඩි අපහසුතාවයකට පත්වුණි.

 

“බෙහෙතක් විදගන්න ආවේ … ස්ට්‍රයික් ලුනේ ඉතින්…”

 

“මූට බෙහෙත් විදින්න ආවේ. මේ වෛද්‍යවරු එකෙක්වත් නැහැ. පඩි ගන්නවානේ හැමදාම කනවා බොනවානේ මුන්. මුන්ට මේ බල්ලොන්ට බෙහෙත් විදින එක කරන්න බැරිව වර්ජනය කරනවානේ කාලකන්නි.”

 

රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, වෛද්‍ය සිසිර පියසිරි මහතා සඳහන් කර සිටියේ, ඉදිරියේ දී ගොවීන් එකතුකර ගනිමින් වෙළෙඳ අමාත්‍යාංශය වැටලීමට වුවද ක්‍රියාකරන බවය.

 

“රජයේ පශූ වෛද්‍යවරුනුත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවත් පෙනී සිටින්නේ, ඔය මුදලාලිලාටවත් කොමිස් මුදල් ගහන්න උත්සාහ කරන දේශපාලනඥයෝ වෙනුවෙන් නෙමෙයි අපේ ගොවියන් ආරක්ෂා කරන්න සහ අපේ ක්ෂේත්‍රය ආරක්ෂා කරන්න. අපේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ට අනීතික ලෙස අයුතු ලෙස බලපෑම් කිරීමට අපි විරෝධය දක්වනවා. ඒ විරෝධය සඳහාත් පිටරටින් බිත්තර ආනයනය කරලා සත්ව පාලනයේ යෙදෙන බිත්තර නිෂ්පාදයේ යෙදෙන ගොවීන්ව විනාශ කරලා දැමීමේ උපක්‍රමයට විරෝධය දැක්වීමට අපි සියලුම රජයේ පශු වෛද්‍යවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹිලා ඉන්නවා. රාජකාරී කරන ආයතනවල වැඩ අකර්මණ්‍ය වෙලා තියෙනවා. ගොවීන් එකතු කරගෙන වෙළෙඳ අමාත්‍යංශය වට කරන්න උනත් අපි පෙළඹෙනවා.”

 

ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට තාක්ෂණික අනුමැතියක් ලබාදිය නොහැකි බව සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පසුගියදා කළ දැනුම්දීමත් සමග මෙරට පාරිභෝගිකයින්ට අඩුමිලට බිත්තර ලබාදීම සඳහා වන ආනයන ක්‍රියාවලිය තවදුරටත් ප්‍රමාද වී තිබේ.

 

පසුගියදා පැවති කෝප් කමිටුව හමුවේදී ද සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මියගේ ක්‍රියාකලාපයද දැඩි විවේඡනයට ලක්වුණි.

 

 

Related posts

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා ස්ථාවර මිලක්

Mohamed Dilsad

හරීන්ගේ Torch එක නිසා සභාව උණුසුම් වෙයි

Mohamed Dilsad

සියලුම කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වේ

Mohamed Dilsad

Leave a Comment