දේශීය

පක්ෂ නායකයෝ තීරණයක් ගනී

හෙට (04) පැවැත්වෙන 75 වන ජාතික නිදහස් සැමරුම් උත්සවයට සහභාගී නොවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර තිබේ.

 

විපක්ෂ නායකවරයාගේ තීරණය දැනුම්දෙමින් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පවසන්නේ, රට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින අවස්ථාවක අති විශාල මුදලක් වැය කරමින් මෙවැනි උත්සවයක් පැවැත්වීම නොසුදුසු බැවින් ඊට සහභාගී නොවීමට විපක්ෂ නායකවරයා තීරණය කර ඇති බවය.

 

එමෙන්ම දෙමළ ජාතික සන්ධානය ද මෙවර නිදහස් උත්සව‍යට සහභාගී නොවන බව පසුගියදා නිවේදනය කර තිබුණි.

 

එහි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා කියා සිටියේ නිදහස් සැමරුමට විරෝධය පළ කරමින් මඩකලපුවේ කළු විරෝධතා දිනයක් ප්‍රකාශයට පත්කරන බවය.

 

ශ්‍රී ලංකා කතෝලික සභාව ද මෙවර නිදහස් දිනයට සහභාගී නොවන බව නිවේදනය කර ඇත.

 

නිදහස් දිනය උත්සවාකාරයෙන් නොපවත්වන ලෙස ඉල්ලමින් ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි ඇතුළු පිරිසක් පසුගියදා අග්‍රාමාත්‍ය කාර්යාලයට සංදේශයක් භාරදී තිබුණි.

 

Related posts

IMF වැඩසටහන සාර්ථකව සිදුකෙරෙනවා – මහ බැංකු අධිපති

Mohamed Dilsad

මෙවර කිසිදු පෙරහරක් නැරඹීමට අවසර හිමි නොවේ [PRESS RELEASE]

Mohamed Dilsad

අන්තර් පළාත් බස් ධාවනය කල් යයි

Mohamed Dilsad

Leave a Comment