දේශීය

දරුවන් දෙදෙනාව ඝාතනය කළ පියා සියදිවි හානිකර ගනී

අරණායක පොල්අඹේගොඩ ප්‍රදේශයේ පියෙකු සිය කුඩා දියණිය හා පුත්‍රයා සමග ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

 

පවුල් ආරවුලක් මත එම මරණ තුන සිදුව ඇති බවපොලීසිය සැකකරයි.

 

මරණ තුනෙහි සිරුරු හමුව ඇත්තේ අරණායක පොලිස් බලප්‍රදේශයේ පොල්අඹේගොඩ ගොඩිගමුව වෙල්යාය මැද පිහිටා ඇති අම්බලම තුළය.

 

ඊයේ (05) මධ්‍යම රාත්‍රීයේ හෝ අද (06) අලුයම් කාලයේ එම සියදිවි නසාගැනීම හා කුඩා දරුවන්ගේ ඝාතනයන් සිදුව ඇතැයි පොලීසිය සැකකරයි.

 

සියදිවි හානිකරගත් පියා 33 හැවිරිදි වියේ පසුවන අතර 6 හැවිරිදි දියණිය හා පුත්‍රයා 9 හැවිරිදි වියේ පසු වේ.

 

මියගිය පුද්ගලයා දින දෙකකට පෙර ගිරිඋල්ල ප්‍රදේශයේ දී සිය බිරිඳ සමග ඇතිකරගත් ආරවුලක් පිළිබඳව අරණායක පොලීසියේ දී විභාග කිරීමට නියමිතව ඇත්තේ අද දිනයේදී ය.

 

ඊයේ සවස 5ට පමණ මියගිය පියා සිය දරුවන් සමග ගොඩිගමුවේ සිය බිරිඳගේ මවගේ නිවසට පැමිණ සවස 5ට පමණ දරුවන් දෙදෙනා සමග නැවත යතුරුපැදියකින් ගිරිඋල්ල බලා පිටව ගොස් තිබේ.

 

ඊයේ මධ්‍යම රාත්‍රී නැවත නැන්දනියට ඇමතුමක් දී පවසා ඇත්තේ, සිය යතුරුපැදිය කාර්මික දෝෂයකට ලක්වූ බැවින් දරුවන් සමග පාගමනින් නිවසට යන බවය.

 

ඉන් අනතුරුව අද උදෑසන පියා හා දරුවන් දෙදෙනාගේ සිරුරු අම්බලම තුළදී ප්‍රෙද්ශවාසින් දැක ඇත.

 

මියගිය දරුවන්ගේ ඥාති කාන්තාවක් හඬා වැළෙපෙමින් මෙසේ පැවසීය.

 

“දරුවෝ දෙන්නා හදාගන්නම් කිව්වා… මොකට ද ළමයි දෙන්නව මැරුවේ… මේකා තිරිසනෙක්. නංගිටත් වද දුන්නා ජීවිත කාලේම.”

 

මේ වන විට අරණායක පොලීසිය සිදුවීම පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related posts

ලුණු කිලෝව රු. 200යි.

Editor O

ජනපතිගෙන් තවත් කමිටුවක්

Mohamed Dilsad

එක්ස්-ප්‍රෙස් පර්ල් නෞකාව මුහුදුබත් වීමෙන් සිදුවූ ජල දූෂණය හා ජීවනෝපාය අහිමිවීම පිළිබඳ ගැටළු විසඳන ලෙස ධීවරයින් රජයෙන් ඉල්ලයි [වීඩියෝ]

Mohamed Dilsad

Leave a Comment