දේශීය

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ මෙරට නිවාස ගැන තීරණයක්

විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින්ට අයත් මාරවිල, වෙන්නප්පුව සහ මීගමුව ප්‍රදේශවල ඉදිකර ඇති දැවැන්ත නිවාස, සංචාරක ව්‍යාපාරයන් සඳහා සම්බන්ධ කරගනිමින් ඔවුන්ට සහ රටට ප්‍රතිලාභ හිමිකරගැනීමේ වැඩපිළිවෙලක් සකස් කරන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

 

ඉතාලියේ මිලානෝ හී පැවැති සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් අතරතුරදි එරට සංචාරක ප්‍රවර්ධන ආයතන සහ එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

 

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

 

“ඉතාලි සංචාරකයෝ ගෙනාවොත් අපිට ඒ ECO සිස්ටම් එක මීට වඩා දහගුණයකින් ව්‍යාපාර, ගයිඩින්, හෝටල්, ගෙවල්…. මම ඒකයි කිව්වේ මාරවිල, වෙන්නප්පුවේ ගෙවල් තියෙන මිනිස්සු එහේ දුක්විඳලා, මෙහෙ හදන මාළිගා වගේ ගෙවල් වහලා දාලා තියෙනවා. හැබැයි මට තියෙනවා ගෙයක්. මම ඒක airbnb දෙනවා. මම යන වේලාවට ගෙදරට යනවා. අනිත් වෙලාවට airbnb දෙනවා. ඇත්තටම ඒක වෙනම සංකල්පයක්. මිලාන් කොන්සියුලර් කාර්යාලයක් මේ සම්බන්ධයෙන් ස්ථාපිත කරන්නම්. ඒ නිවෙස් අපි රෙජිස්ටර් කරලා, සංචාරක මණ්ඩලයේ රෙජිස්ටර් කරලා airbnbවල රෙජිස්ටර් කරලා, මිනිස්සුන්ට ඇවිත් පිස්සු කෙලලා යන්න බෑ. එක සිස්ටම් එකක් තියෙනවා. ඒ ක්‍රමවේදය එක්ක අපි ඒ ක්‍රමයට යොමුවෙමු.”

Related posts

නව පනතෙන් බැංකු තැන්පත් වෙනුවෙන් රක්ෂණයක්

Mohamed Dilsad

ඊශ්‍රායල රජයෙන් ශ්‍රී ලංකාවට ප්‍රසාදය

Editor O

බැසිල් දළදා වහන්සේ වැඳපුදාගෙන මැතිවරණ කටයුතු අරඹයි

Mohamed Dilsad

Leave a Comment