දේශීය

පාකිස්තානයේ කරච්චි පොලිස් මූලස්ථානයට ත්‍රස්ත ප්‍රහාරයක්

පාකිස්තානයේ කරච්චි නගරයේ පිහිටි පොලිස් මූලස්ථානයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල ව තිබේ.

 

විදෙස් මාධ්‍ය සඳහන් කළේ පොලිස් මූලස්ථානයේ ගොඩනැගිල්ලට කඩා වැදුනු ත්‍රස්ත සාමාජිකයින් හත් දෙනෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවය.

 

ඉන් තිදෙනෙකු පාකිස්තාන ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රති ප්‍රහාර වලින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

සෙසු සිව්දෙනා පොලිස් මූලස්ථානයේ ගොඩනැගිල්ල තුළදී සිය දිවි හානි කරගෙන ඇති බව විදෙස් මාධය වාර්තා පවසයි.

 

ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාර වලින් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් ඇති අතර 17 දෙනෙකු තුවාල ලබා ඇත.

Related posts

කොළඹ තවත් ප්‍රදේශයක් හුදෙකලා කෙරේ

Mohamed Dilsad

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට තීරණය කෙරේ

Mohamed Dilsad

සහතික මිලක් යටතේ වී මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment