දේශීය

තුර්කි භූකම්පනයෙන් තුනක් මරුට – 680කට තුවාල

තුර්කියේ සිදුවූ භූකම්පනයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

 

රික්ටර් පරිමාණයේ ඒකක 6.4ක ප්‍රබලතාවයකින් යුතුව ඊයේ (20)හටගත් භූකම්පනයෙන් තුර්කියේ සහ සිරියාවේ පුද්ගලයින් 680කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

 

පසුගිය 06 වනදා ඇති වූ ප්‍රබල භූකම්පනයෙන් දෙරටේ පුද්ගලයින් 44,000ක් පමණ මියගොස් ඇති බවට අනාවරණය කර තිබුණි.

 

තුර්කි – සිරියා දේශසීමා තුළ තවදුරටත් භූකම්පන සිදුවිය හැකි බවට විද්‍යාඥයින් අනතුරු අඟවා තිබේ.

 

 

Related posts

සුවය ලැබූ නාවිකයන් ගණන ඉහළට

Mohamed Dilsad

බාලවයස්කාර දැරියක් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ චෝදනා මත තවත් සැකකරුවන් 4 අත්අඩංගුවට

Mohamed Dilsad

ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් අදියරට

Mohamed Dilsad

Leave a Comment