දේශීය

හමුදා සෙබළාගේ සියදිවි නසාගැනීම ගැන පොලිස් විමර්ශනක්

පනාගොඩ යුද හමුදා කඳවුරේ දී ඊයේ (24) සෙබළෙකු විසින් සියදිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවි හේරත් මහතා පවසයි.

 

ඔහු පැවසුවේ අදාළ යුදහමුදා සෙබළා සිය රාජකාරී ටී 56 ගිනිඅවියෙන් වෙඩි තබාගෙන ඇති බවය.

 

මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි එම හමුදා කඳවුරේම සේවයේ නියුතුව සිටි හමුදා සෙබළෙකි.

 

ඔහු මාතලේ නාවුල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව වාර්තා විය.

 

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

 

Related posts

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිට ස්ථාන මාරුවක්

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ නොසන්සුන්තාව සෙවීමට කමිටුවක්

Mohamed Dilsad

සුවය ලැබූ කොරා්නා ආසාදිතයන් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment