දේශීය

මයන්තගේ තීරණය පක්ෂයට දන්වයි

රාජ්‍ය මුදල් කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස පත්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

 

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා දැනුම්දෙන්නේ මයන්ත දිසානායක මහතා තමාට ඒ බව දැනුම්දුන් බවය.

 

පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම හේතුවෙන් එම තනතුර අහෝසිවීමත් සමග රාජ්‍ය මුදල් කාරක සභාවේ අභිනව සභාපතිවරයා ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාව පත් කරගෙන තිබුණි.

 

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම අදාළ තනතුර සඳහා විපක්ෂය නම් කර තිබියදී ආණ්ඩු පක්ෂය විපක්ෂයේම මයන්ත දිසානායක මන්ත්‍රීවරයාගේ නම යෝජනා කර සම්මත කර ගත් බව එහිදී වාර්තා විය.

Related posts

දහම් පාසැල් යළි ඇරඹේ

Mohamed Dilsad

අලූත්ගම අවට ප්‍රදේශ රැසකට අද පැය 18 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

විදේශීයන්හි සිටින්නන්ට මුදල් තැන්පත් කිරීම සඳහා විශේෂ ගිණුමක්

Mohamed Dilsad

Leave a Comment