දේශීය

දරුවන් බලා සිටියදී මවක් ගඟට පනී

මාස 18ක් වයසැති දියණිය සහ නව හැවිරිදි පුතා පාළම මත තබා බෙන්තර ගඟට පැන ඇති කාන්තාවක්ව බේරාගෙන තිබේ.

 

එම කාන්තාව අද (26) පස්වරුවේ බෙන්තර පාළමට ගොඩබිම දෙසට ඇති ආරක්ෂක වැටෙන් අඩි 40ක් පමණ උසක සිට ජලයට පැන ඇතැයිද පොලීසිය පැවසීය.

 

එම කාන්තාව ජලයේ ගසාගෙන යමින් සිටියදී ඒ අසල රැඳීසිටී ජලක්‍රීඩා කරන තරුණයකු විසින් ඇයව බේරාගෙන ඇත.

 

බලංගොඩ, ප්‍රදේශයේ පදිංචි එම කාන්තාව ඇල්පිටිය, ඌරගස්මංහන්දියේ පුද්ගලයකු සමග විවාහවී ඇති අතර දෙදෙනා අතර නිතර නිතර ආරවුල් ඇති වෙන බවද වාර්තා වෙයි.

 

 

Related posts

ආණ්ඩුවෙන් කරපු හොර වැඩක් ගැන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයෙන් නිවේදනයක්

Editor O

පොල් මිල පාලනයට අති විශේෂ ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

ආපදාවට පත්වූවන්ට ආහාර සැපයීමට අදාළ චක්‍රලේඛයක්

Editor O

Leave a Comment