දේශීය

තිළිණි ට අධිකරණය දුන් අලුත්ම නියෝගය

චෙක්පත් වංචාවක් සම්බන්ධයෙන් තිළිණි ප්‍රියමාලිට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනුකර ඇති නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා විසින් ජූනි මස 5 සහ 6 යන දිනවල විභාගයට ගැනීමට අද (28) නියම කළේය.

 

තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සමිත අනුරුද්ධ යන අයට හිමි මෝටර් රථයක් 2013 වසරේදී මිලදී ගැනීම සඳහා වසා ඇති ගිණුමකින් රුපියල් ලක්ෂ 80ක වටිනාකමින් යුත් චෙක් පතක් ලබාදෙමින් වංචා කිරීම සම්බන්ධයෙන් තිළිණි ප්‍රියමාලිට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනුකර තිබූ නඩුවක් අද දින කැඳවනු ලැබූ අවස්ථාවේදී එම නියෝග ලබාදුන්නේය.

 

විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් තම සේවාදායිකාව සමථයකට සූදානම් බවත් ඒ සඳහා මාස දෙකහමාරක පමණ කාලයක් තමන්ට ලබා දෙන ලෙසටත් අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

 

එහිදී පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට දැනුම්දෙමින් කියා සිටියේ, සමථයක් සම්බන්ධයෙන් මේ වන විට කිසිදු එකඟතාවයකට පැමිණ නොමැති බවය.

 

 

Related posts

තවත් ශ්‍රී ලාංකිකයින් 420 දෙනෙකු දිවයිනට

Mohamed Dilsad

සුපිරි අවන්හලේ සංවිධානය කළ ෆේස්බුක් සාදය

Mohamed Dilsad

ජංගම දුරකථන භාවිතා කරන්නන්ට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment