දේශීය

හයිලෙවල් මාර්ගයේ වෙනස අද සිට

හයිලෙවල් මාර්ගයේ ගමන්ගන්නා සියලුම මගී ප්‍රවාහන බස්රථ අද (01) සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්යය කර තිබේ.

 

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ අදාළ තීරණයට පටහැනිව කටයුතු කරන බස්රථවල බලපත්‍ර අහෝසි කිරීමට පියවරගන්නා බවය.

 

“බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිරිපිට තියෙන හයිලෙවල් මාර්ගයෙන් බස් රථ නැවැත්වීම, මඟීන් බැස්සවීම, මඟීන් පැටවීම යන ආදිය කිරීම නිසා මාර්ග අනතුරු හා මගීන්ගේ ජීවිත පිළිබඳව අවදානමක් මතුවෙලා තියෙනවා. අපි තීන්දුවකට ඇවිල්ලා තියෙනවා.. කොට්ටාව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිරිපිට හයිලෙවල් මාර්ගයේ මඟීන් පැටවීම හෝ මගීන්ට බැස යාම සඳහා බස් නැවැත්වීම සපුරා තහනම් වෙන අතර මේ මාර්ගයේ ගමන් කරන මඟීන් ප්‍රවානය කරන සියලුම බස් රථ මාර්තු මස 1 වනදා සිට බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය තුළට පැමිණ ඒ හරහා කටයුතු කරන්න නියම කරනු ලබනවා. මේ නියමය ඒ සියලුම බස් රථවලට අදාළයි. එසේ නැතිව පැමිණිලි ලැබිලා තිබුණොත් පරීක්ෂණයකින් පසුව ගමන් බලපත්‍රය අහෝසි කරන්න සිදු වෙනවා.”

Related posts

සුනාමියට වසර 16යි. විනාඩියක නිශ්ශබ්දතාවයක් රකින්න

Mohamed Dilsad

මාදිවෙල මන්ත්‍රී නිවාසවලට අලුතින් 40ක් දැනටම ඇවිත්

Editor O

විදුලි සේවකයින්ගෙන් රජයට තර්ජනයක්

Mohamed Dilsad

Leave a Comment