දේශීය

පිළිකා රෝගීන්ගේ ගිණුම්වලිනුත් සල්ලි හොරකම් කරලා

පිළිකා රෝගීන් දෙදෙනෙකු රවටා ඔවුන්ගේ බැංකු ගිණුම් අයුතු ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ තුනකට මුදලක් වංචා කරන ලද තරුණයෙකුට බරපතළ වැඩසහිත සිරදඬුවක් ‌නියම කර තිබේ.

 

හොරණ මහෙස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා ඊයේ (01) නියම කළේය.

 

මරණයත් සමග අහිංසක පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා ඇති මුදල් වංචා කිරීම හේතුවෙන් විත්තිකරුට අදාළ දඬුවම් නියම කරන බව මහෙස්ත්‍රාත්වරයා, තීන්දු ප්‍රකාශයට පත්කරමින් සඳහන් කළේය.

 

එම සිද්ධියෙන් අගතියට පත් පිළිකා රෝගීන් දෙදෙනාට රුපියල් ලක්ෂයක වන්දියක් සහ රුපියල් එක්දහස් පන්සියක දඩ මුදලක් ගෙවන ලෙස විත්තිකරුට නියම කළ මහෙස්ත්‍රාත්වරයා වන්දි මුදලක් සහ දඩ මුදල් නොගෙවන්නේ නම අමතර මාස 6ක බරපතළ වැඩසහිත සිරදඬුවමක්ද විත්තිකරුට නියම කර තිබේ.

 

මෙලෙස දඬුවම් නියම වුයේ එරාවුර් ප්‍රදේශයේ පදිංචි අබ්දුල් එලීම් වසීමුල්ලා නොමැති විත්තිකරුවෙකුටය.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ සමාජ මාධ්‍ය ඒකකය මඟින් විත්තිකරුට එරෙහිව එම නඩුව පවරා තිබුණි.

 

පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා ආධාර උපකාර කරන ලෙසට සඳහන් පුවපත් දැන්වීමකට අනුව දුරකථන ඇමතුම් ලබාදී පැමිණිලිකාර පිළිකා රෝගින් දෙදෙනාගේ බැංකු ගිණුම්වලට ඇයුතු ලෙස ඇතුළු වී සැකකර මුදල් වංචා කර තිබෙන බව අධිකරයේදී අනාවරණය විය.

Related posts

මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ තවත් 246 කට කොරෝනා

Mohamed Dilsad

සහකාර පොලිස් අධිකාරීවරුන් 16 ක් පොලිස් අධිකාරී ධුරයට

Mohamed Dilsad

නොසැලකිලිමත් ලෙස කටයුතු කළහොත් වෛරසය යළිත් බෝවිය හැකියි – ජනපති

Mohamed Dilsad

Leave a Comment