දේශීය

ලංකාවේ සහායට අමෙරිකාවත් එක්වෙයි

අමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් සිදුව තිබේ.

 

ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයාමට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය දක්වන ශක්තිමත් වැඩපිළිවෙළක් සඳහා ශ්‍රී ලංකාව ගන්නා පියවර සම්බන්ධයෙන් සහාය පළකරන බව ඇය එම සාකච්ඡාවේදී අවධාරණය කර ඇති බව වාර්තා වේ.

 

සියලුම ද්වී පාර්ශවික නිල සහ පෞද්ගලික ණයහිමියන් සඳහා විනිවිඳභාවයෙන් සහ සංසන්ඳනාත්මකව සැලකීමට ශ්‍රී ලංකා රජය ගන්නා පියවර සම්බන්ධයෙන් අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරිය ප්‍රසාදය පළකර තිබේ.

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහන වැඩසටහන සඳහා ශ්‍රී ලංකාව මේ වන විට සියලු කොන්දේසි සපුරා ඇති අතර එම ණය සහනය එම මාසය තුළ ලැබෙනු ඇති බවට රජය විශ්වාසය පළකරයි.

 

 

 

Related posts

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරෙන් ඉවත් කරයි.

Editor O

රාජ්‍ය, අර්ධ රාජ්‍ය සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවීමට අදාළ චක්‍රලේඛය මෙන්න

Editor O

පාකිස්තානයේ කරච්චි පොලිස් මූලස්ථානයට ත්‍රස්ත ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment