දේශීය

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය

නව වන පාර්ලිමේන්තුවේ සිව්වන සභා වාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කර තිබේ.

 

නව සභාවාරය උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට අදාළ කටයුතු අද (08) පෙරවරු 9.30 ට ආරම්භ වූ අතර ඊට සහභාගී වීම සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධකන, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගේ පැමිණිම පළමුව සිදුවුණි.

 

අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීම පෙරවරු 9.40ට පමණ සිදු වූ බව “අද දෙරණ” පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේය.

 

එහීදී කථානායකවරයා විසින් ජනාධිපතිවරයා පිළිගනු ලැබීය.

 

නව වන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය ආරම්භ කරමින් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ වනවිට ඉදිරිපත් කරමින් සිටී.

 

ජනාධිපතිවරයාගේ කතාවෙන් අනතුරුව පාර්ලිමේන්තුව කල් තැබීම සිදුකෙරෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේය.

 

බදු අය කිරීම සඳහා නව ප්‍රතිපත්ති හඳුන්වා දීම දේශපාලන වශයෙන් ජනප්‍රිය නොවන තීරණයක් බව ජනාධිපතිවරයා පවසයි.

 

“පසුගිය කාලය තුළ ගත් පියවර නිසා මේ පීඩනය හෙමින් හෙමින් අඩුකරන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. දැන් ආර්ථිකය යම් ස්ථාවරයක් ඇති වෙලා තියෙනවා. ජනතාවට කිසියම් අස්වැසිල්ලක් දැනෙවා. අනතුරදායක වැල්පාලමේ ශ්‍රී ලංකා මාතව සෑහෙන දුරක් ආරක්ෂිතව රැගෙන එන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. අපි ඒ අවේ ලේහෙසි පහසු ගමනක් නෙමෙයි. හැබැයි ගමන තවම ඉවර නැහැ. බිඳ වැටීමට ඔන්න මෙන්න කියා තිබුණ රජ්‍යය මුල්‍ය පද්ධතිය සුරක්ෂිත කරන්න කැප වුණා…

 

“මතක තබා ගන්න මට ඕනේ ජනප්‍රිය නෙමෙයි. මට අවශ්‍ය මේ රට වැටී ඇති අර්බුදයෙන් යළිත් ගොඩ නැංවීමටයි. ඔව් රට වෙනුවෙන් ජනප්‍රිය නොවන තීරණ ගන්නවා. ඒ තීරණවල වැදගත්කම තව අවුරුදු දෙක තුනකින් බොහෝදෙනෙක් ට අවබෝධ වෙයි. බදු ගෙවිය යුතු ආදායම් සීමාව රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා ඉහළ දැමිය යුතු බව සමහරු කියනවා. උපයන විට ගෙවීමේ බදු ක්‍රමය අහෝසි කළ යුතු බව සමහරු කියනවා. මේ බදු පැනවුයේ කැමැත්තෙන් නෙමෙයි. නමුත් අපි කැමති දේ කළ පමණින් රට ගොඩනගන්න බෑ. අකමැත්තෙන් වුවත් නිවැරදි දේ කළ යුතුයි. උපයන විට ගෙවීමේ බද්ද අහෝසි කළොත් රටට රු බිලියන 100ක් අහිමිවෙනවා. බදු සීමාව ලක්ෂ දෙක දක්වා ඉහළ නැංවුවොත් රටට බිලියන 63ක් අහිමිවෙනවා. අහිමිවෙන සම්පුර්ණ මුදල රු 163ක්. මේ මුදල අහිමිකර ගන්න පුළුවන් තැනක නෙමෙයි අපි අද ඉන්නේ…

 

සමාජයේ සියලු කොටස්වල ජීවත් වෙන්න අමාරුයි. නමුත් තව මාස 5ක් 6ක් වැනි කෙටි කලක් මේ අමාරුව විඳ දරා ගත්තොත් අපිට විසඳුමක් වෙත යන්න පුළුවන්. මේ විදිහට ඉදිරියට ගියොත් අවුරුද්දේ 3 වෙනි 4 වෙනි කාර්තුවේදී රජයේ සේවකයින්ට වැඩිපුර දීමනාවක් ලබාදෙන්න අපිට පුළුවන්. පුද්ගලික අංශයට සහන ලබාදෙන්න පුළුවන්. මුළු රටේම ජවතාවගේ අතමිට අදට වඩා සරුකරන්න පුළුවන්. රැකියා ආදායම් මාර්ග වැඩි කරන්න පුළුවන්. බැංකු පොලිය අඩුකරන්න පුළුවන්. තව අවුරුදු තුනක් ගතවෙද්දී අද ලබන ආදායමට වඩා 75%ක් පමණ වැඩි ආදායමක් ලබන්න රටේ ජනතාවට පුළුවන්…

Related posts

පහළ කඩුගන්නාව පාර තවදුරටත් වැසෙයි

Mohamed Dilsad

විශ්ව විද්‍යාල ආරම්භය නොවැම්බර් මාසයේ

Mohamed Dilsad

අද මි.මී 100 ඉක්මවූ වැසි

Mohamed Dilsad

Leave a Comment