දේශීය

ව්‍යවස්ථාදායක සභාව අද යළි රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (09) යළි රැස්වීමට නියමිතව තිබේ.

 

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 11.00ට ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිත බව වාර්තා වේ.

 

පසුගිය 7 වන දින ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වූ අතර එහිදි අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින් දෙදෙනෙකු පත් කිරීමට අනුමැතිය ලබාදෙනු ලැබීය.

 

මේ අතර කොමිෂන් සභාවල සාමාජිකයින් ලෙස පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීම මීට පෙර තීරණය කළ ආකාරයට පෙබරවාරි මස 15 වන දින අවසන් කිරීමට ද ව්‍යවස්ථා සභාව තීරණය කර තිබේ.

 

අයඳුම්පත් කැඳවීමට අදාළ දැන්වීම නැවත වරක් එම සති අන්ත පුවත්පත්වල පළ කිරීමට ද නියමිතය.

 

 

Related posts

UPDATE: රිෂාඩ් සහ සොයුරා අත්අඩංගුවට ගැනීම දේශපාලන කුමන්ත්‍රණයක්

Mohamed Dilsad

අනුමැතියකින් තොරව මුදල් කපාගන්නා බැංකුවලට එරෙහිව නීතිය

Mohamed Dilsad

ව්‍යවස්ථා සංශෝධනයෙන් ආර්ථික අර්බුදයට විසඳුමක් නැහැ

Mohamed Dilsad

Leave a Comment