දේශීය

ඔනේෂ් ඝාතනය සැලසුම් කළ හෙදිය ගැන අලුත්ම හෙළිදරව්ව

ඔපෙක්ස් හෝල්ඩින් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ ඔනේෂ් සුබසිංහ මහතා ඝාතනය කිරීමට බ්‍රසීල ජාතික ඔහුගේ බිරිඳ සහ සහායිකාව කාලයක සිට සැලසුම් කරගෙන සිට ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

 

ඔනේෂ් සුබසිංහ මහතාගේ බිරිඳගේ සහායිකාව වූ බ්‍රසීල ජාතික කාන්තාව වෘත්තියෙන් හෙදියක වන අතර ඇය මීට මාස දෙකකට පමණ පෙර ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව පොලීසිය පැවසීය.

 

සිය සැමියා ඝාතනය කිරීමේ සැලසුම ක්‍රියාත්ම කිරීම සඳහා ඔහුගේ බිරිඳ මෙම සහායිකාව මෙරටට ගෙන්වාගෙන ඇති බවට පොලීසිය සැක කරයි.

 

ශ්‍රී ලංකාවට පැමිණි මෙම බ්‍රසීල ජාතික කාන්තාව, ඔනේෂ් මහතා සහ බිරිඳ නවාතැන් ගෙන සිටි වෝඩ් පෙදෙසේ පිහිටි සුපිරි මහල් නිවාසයේ නවාතැන් ගෙන සිට ඇති බව හෙළිවෙයි.

 

පොලීසිය පවසන්නේ, මෙම බ්‍රසීල ජාතික කාන්තාවන් දෙදෙනා එහි සිට ඔනේෂ් සුබසිංහ මහතා ඝාතනය කිරීමේ සැලසුම සකස් කරන්නට ඇති බවය.

 

ඔනේෂ සුබසිංහ මහතා ශ්‍රී ලංකාවේදී ඝාතනය කර බ්‍රසීලයට පළායෑම අපහසු නිසා ඔහුව විදේශ රටකට රැගෙන ගොස් එහිදී අභිරහස් අන්දමින් ඝාතනය කර එරටින් පළායෑමට සැකකාර කාන්තාවන් දෙදෙනා සැලසුම් කර තිබු බව පොලීසිය පැවසීය.

 

ඉන්දුනීසියාවේ සංචාරයක් සඳහා යෑමට මොවුන් සැලසුම් කර ඇත්තේ, ඒ අනුව බවට පොලීසිය සැකකරයි.

 

ඉන්දුනීසියානු පොලීසිය මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

 

මේ අතර ශ්‍රී ලංකා පොලීසියේ අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව මගින්ද මේ වනවිට ඉහළ පෙළේ විමර්ශනයක් ක්‍රියාත්මක කර තිබේ.

 

ඔනේෂ සුබසිංහ මහතා අබිරහස් අන්දමින් ඝාතනය කිරීමේන් පසු ඔහුගේ බිරිඳ සහ සහායිකාව සිව් හැවිරිදි දියණිය ද රැගෙන බ්‍රසීලයට පළාගොස් ඇති බවට සැක කෙරේ.

Related posts

අද විදුලිය කැපෙන හැටි මෙන්න

Mohamed Dilsad

2021 වසරේ අයවැය අද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

‘ටියුෂන් එකමුතුව’ ‘ටියුෂන් එකමුතුව’

Mohamed Dilsad

Leave a Comment