දේශීය

පුජිත් – හේමසිරි නිදහස් කිරීමට එරෙහි අභියාචනය ගැන අධිකරණ නියෝගය

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ චෝදනා ලැබූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන නිදොස් කොට නිදහස් කිරීමේ මහාධිකරණ තීරණයට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.

 

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් විභාග වූ නඩුවකදී අදාළ චූදිතයින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර තිබුණි.

 

එම නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනය සළකා බැලීමෙන් පසු එය විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළ බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු පැවසුවේය.

 

ඒ අනුව පෙත්සම් විභාගය ජුලි මස 4 වනදා ආරම්භ කිරීමට නියමිතය.

 

 

Related posts

ඉන්ෆලුවෙන්සා රෝගයේ සීග්‍ර ව්‍යාප්තියක් – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

Mohamed Dilsad

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම නොවැම්බර් මස ශ්‍රී ලංකාවට

Editor O

දිස්ත්‍රික්ක රැසකට හෙට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

Mohamed Dilsad

Leave a Comment