දේශීය

වායු ගුණාත්මකභාවය හොඳම සහ නරකම රටවල් ලැයිස්තුව එළියට

2022 වසරේදී වායුවේ ගුණාත්මකභාවය සෞඛ්‍යමත් බවට වාර්තා වී තිබුණේ රටවල් සහ කලාප 13ක පමණක් බව නවතම වාර්තාවක සඳහන් වෙයි.

 

ඔස්ට්‍රේලියාව, එස්ටෝනියාව, ෆින්ලන්තය, ග්‍රෙනඩාව, අයිස්ලන්තය, සහ නවසීලන්ත පසුගිය වසරේ හොඳම වායු තත්ත්වය සහිත රටවල් ලෙස සඳහන් විය.

 

එම වාර්තාවේ සඳහන් වන්නේ 2022 වසරේදී ලොව වායු දූෂණය භයානක ලෙස ඉහළ ගිය බවය.

 

එම වාර්තාව නිකුත්කර තිබුණේ ලොව පුරා වායු තත්ත්වය ගැන සොයාබලන “IQAir” නම් සමාගම විසිනි.

 

ඔවුන් විසින් විමර්ශනයට ලක්කර තිබු රටවල් සහ කලාපවලින් 90%කම වාර්ෂික වායු දූෂණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ වායු තත්ත්ව මාර්ගෝපදේශ ඉක්මවා ගොස් ඇති බවය.

 

එම වාර්තාවට අනුව 2022 වසරේදී ලොව වායු දූෂණය වැඩිම රට ලෙස වාර්තා වී ඇත්තේ චැඩ් රාජ්‍ය යයි.

 

ඊට අමතරව ඉරාකය, පාකිස්තානය, බහරේන්, බංග්ලාදේශය, බුර්කිනා ෆේසෝ, කුවේට්, ඉන්දියාව සහ ඊජිප්තුව සහ තජිකිස්තානය එම ලැයිස්තුවේ ඉදිරියෙන් ඇති අනෙක් රටවල් ය.

 

මෙම ලැයිස්තුවේ දකුණු ආසියානු රටවල් තුනක් – පාකිස්තානය, බංග්ලාදේශය සහ ඉන්දියාව – තිබීම දැකිය හැකිය.

Related posts

උතුරු දිස්ත්‍රික්ක 05ක ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

ඉතියෝපියාවේ සිටි 230 දෙනකු අද දිවයිනට

Mohamed Dilsad

2021 අයවැයට අදාළ අවසන් ඡන්ද විමසීම අද

Mohamed Dilsad

Leave a Comment