දේශීය

තවත් තරුණියක් අභිරහස් ලෙස මියයයි

මිහින්තලය පොලිස් වසමේ සිප්පුකුලම ප්‍රදේශයේ කාන්තාවක් වගා ළිඳකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මරණකාරිය අවුරුදු 23ක් වන එම ප්‍රදේශයේම පදිංචිකාරියකි.

 

මියගිය තරුණියගේ නැගණිය ගවයින් බැලීම සඳහා අසල පිහිටි කුඹුරු යායකට ගොස් නැවත පැමිණිමේ දී තම වැඩිමහල් සහෝදරිය නිවසේ නොමැති බවට දැනගෙන තිබේ.

 

පසුව ඇය අවට පරීක්ෂා කිරීමේ දී වගා ළිඳට වැටී සිටින බව දැක ඇත.

 

මියගිය තරුණිය ළිඳට වැටුණේ කෙසේද යන්න පිළිබඳව හා මරණය පිළිබඳ මිහින්තය පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

හදිසි දුම්රිය වර්ජනය අත්හිටුවයි

Mohamed Dilsad

තායිලන්ත රජයේ නියෝජිත කණ්ඩයම පිරිසක් දිවයිනට

Mohamed Dilsad

ජනපති කොමිසමේ සාක්ෂි විභාගය හෙටින් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment