දේශීය

අදානි සමූහය ගැන විමර්ශනයක් ඉල්ලා ඉන්දියාවේ විරෝධතා

ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සමාගමක් වන අදානි සමූහ ව්‍යාපාරය පිළිබඳ විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලමින් එරට විපක්ෂ දේශපාලන පක්ෂ සාමාජිකයින් විරෝධතාවේ නිරත වී තිබේ.

 

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දියාවේ දිල්ලි අගනුවර සහ හයිද්‍රාබාද් නගරයේ දී විරෝධතා පැවැත්වුණු බවය.

 

ඉන්දියාවේ විපක්ෂ දේශපාලන පක්ෂවල සාමාජිකයින් එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට දී සහ නැගෙනහිර හයිද්‍රාබාද් නගරයේ දි විරෝධතා පා ගමන් සංවිධානය කර තිබේ.

 

ඒ එරට ප්‍රමුඛ ව්‍යාපාරික සමාගමක් වන අදානි සමූහ ව්‍යාපාරය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලමිනි.

 

ඔවුන් පවසන්නේ අදානි සමූහ ව්‍යාපාරයට, භාරතීය ජනතා පක්ෂය සමග සබඳතා පවතින බවය.

 

අදානි සමූහ ව්‍යාපාරය පිළිබඳ විමර්ශනයක් සිදුකිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කරන බව ඉන්දියානු මහෙස්ත්‍රාත් අධිකරණය පසුගිය පෙබරවාරි මාසයේ 17 වනදා නිවේදනය කළේය.

 

ඉන්දියාවේ විපක්ෂ දේශපාලන පක්ෂ නියෝජිතයින් මෙලෙස විරෝධතා සංවිධානය කර ඇත්තේ එවන් පසුබිමකය.

 

නිව් යෝර්ක් හි ආයෝජන පර්යේෂණ සමාගමක් වන හින්ඩන්බර්ග් පර්යේෂණ සමාගම පසුගිය ජනවාරි මාසයේ දී අදානි සමූහය පිළිබඳව පර්යේෂණ වාර්තාවක් නිකුත් කිරීමත් සමග එම සමාගමට ඩොලර් බිලියන 100කට අධික පාඩුවක් සිදු ව තිබේ.

 

ලොව ධනවතුන් අතර ප්‍රමුඛ පෙළේ පසු වූ අදානි ඉතා ක්ෂණිකයෙන් ලැයිස්තුවෙන් පහත වැටුණේ ඒ සමගය.

 

අදානි සමූහ ව්‍යාපාරයට මුදල් වංචා සහ කොටස් වෙළඳපොළ නොමඟ යැවීම සම්බන්ධයෙන් හින්ඩන්බර්ග් පර්යේෂණායතනය චෝදනා එල්ල කළේය.

 

 

Related posts

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකට වහා ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරු වීම්

Mohamed Dilsad

NPP කාන්තා සංවිධානයට ජල ප්‍රහාරයක්

Mohamed Dilsad

අනුරාධපුර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වයක්

Mohamed Dilsad

Leave a Comment