දේශීය

බූරු මූණා අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතන සහ අපරාධ රැසක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි රවිඳු සංඛ ද සිල්වා නොහොත් ‘බූරු මූණා’ ව අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලීසිය සඳහන් කළේ අවිස්සාවේල්ල ප්‍රදේශයේදී සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බවය.

 

අවිස්සාවේල්ල අධිකරණ සංකීරණය අසල මාර්ගයේ මෝටර් රථයක් තුළ රැඳීසිටියදී අද දහවල් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

 

සැකකරුට අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් ද පනවා තිබුණි.

 

බස්නාහිර පළාත් දකුණ දිසාව විසින් සිදුකළ කරුණු දැක්වීමෙන් අනතුරුව අවිස්සාවේල්ල මහාධිකරණය විසින් එම තහනම පැනවීය.

 

පසුගිය වසරේ දෙසැම්බර් මස 18 වනදා හංවැල්ල ප්‍රදේශයේ ආපන ශාලාවක හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.

 

පසුගිය 24 වනදා සැකකරු විදේශගතවීමට උත්සාහ ගැනීමේදී කටුනායක ගුවන්තොටුපොළ පොලිස් භාරයට පත්කර තිබියදී සැකකරු සූක්ෂම ලෙස හිමිවරුන් දෙදෙනෙකුගේ උපකාරය ඇතිව ඉන් පළාගොස් තිබුණි.

 

බූරු මූණා නැමැත්තා මනුෂ්‍ය ඝාතන රැසක වෙඩික්කරුවෙකු ලෙස කටයුතු කර ඇති බවට ද වාර්තා වෙයි.

 

අපරාධ රැසකට සම්බන්ධ 28 හැවිරිදි මෙම සැකකරුට නවතැන් පහසුකම් ලබා දුන් බවට හොරණ මිල්ලණිය ප්‍ර දේශයේ අඹු සැමි යුවලක් ද පසුගිය දා අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

දරුවන්ට සිදුවන අපයෝජනයන්ට එරෙහිව ළමා අධිකාරිය නීති දැඩි කරයි

Mohamed Dilsad

වේල්ලවීදියෙන් හමුවූ තරුණියගේ මළ සිරුරේ හිස සොයා විමර්ශන තවදුරටත්

Mohamed Dilsad

සිසුවෙකුට වෙඩි තැබූ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment