දේශීය

රාජ්‍ය සේවකයින් ගැන අගමැතිගේ කනස්සල්ල

සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ සමීක්ෂණ කටයුතු වලින් රාජ්‍ය සේවකයින් බැහැරවී සිටීම කනගාටුදායක තත්ත්වයක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

 

හම්බන්තොට ප්‍රදේශයේ වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ මෙම සමීක්ෂණ සිදුකිරීම රාජ්‍ය සේවකයිනගේ වගකීමක් බවය.

 

මේ අතර සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ සමීක්ෂණ මේ මස 31වන දිනෙන් අවසන් වන බැවින් නිලධාරීන් වෙත කඩිනමින් නිවැරදි දත්ත ලබාදෙන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍යංශය අයදුම්කරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

 

මුදල් අමාත්‍යංශය සඳහන් කළේ මේ වන විට ලැබී ඇති අයදුම්පත් ලක්ෂ 37ක් අතරින් ලක්ෂ 11කගේ පමණ තොරතුරු තහවුරු කර අවසන් බවය.

 

දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 334කින් ලද අයදුම්පත් ලක්ෂ 37ක, සුබසාධක දීමනා ලබාදීමට සුදුසුකම් පරීක්ෂා කිරීමේ කටයුතු මේ වන විට අදියරෙන් අදියර සිදුකෙරමින් පවතින බව එම අමාත්‍යාංශය පවසයි.

 

මුදල් රාජ්‍ය අමාත්‍යංශය තවදුරටත් සඳහන් කළේ දැනට තොරතුරු තහවුරු කොට අවසන් කර ඇති අයදුම්පත් අතරින් වැඩිම ප්‍රමාණයක් කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවත් එය ප්‍රතිශතයක් ලෙස 46%ක් වන බවත්ය.

 

එමෙන්ම නියමිත දිනට පෙර නිවැරදි තොරතුරු සැපයීමට අපොහොසත් වන අයදුම්කරුවන්ට සුබසාධක ප්‍රතිලාභ අහිමි විය හැකි බව ද මුදල් රාජ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

 

Related posts

ඉන්දීයානු මහකොමසාරිස් සහ නාමල් රාජපක්ෂ අතර විශේෂ හමුවක්

Editor O

ඇඳිරි නීතිය උල්ලංඝණය කළ තවත් 1522ක් අත්අඩංගුවට

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment