දේශීය

වසර දෙකකට පසුව පස්සර – ලුණුගල මාර්ගයේ නැවතත් මාරක අනතුරක්

පස්සර – ලුණුගල මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේදී මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළී රිය අනතුරක් සිදුව ඇත.

 

එම අනතුරකින් ගුරුවරයෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.

 

අද (20) උදෑසන 7.30ට පමණ එම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.

 

එසේ මියගොස් ඇත්තේ මඩොල්සිම විද්‍යාලයක සේවය කළ 34 හැවිරිදි ගුරුවරයෙකි.

 

ගුරුවරයාගේ නිවස එම ස්ථානයේ මහා මාර්ගයට ඉහළින් පිහිටා අතර රැකියාවට යාම සඳහා නිවසට යන මාර්ගයේ සිට මෝටර් රථය මහා මාර්ගයට ගැනීමට යාමේදී අඩි 60ක් පමණ පහළින් පිහිටි මහා මාර්ගයට මෝටර් රථය පෙරළී ඇත.

 

සිද්ධිය සම්බන්ධයෙන් පස්සර පොලීසිය විමර්ශන සිදුකරයි.

 

මීට වසර දෙදකට පෙර පුද්ගලික බස්රථයක් ප්‍රපාතයකට පෙරළී මගින් 14දෙනෙක් ජීවිතක්ෂයට පත්වුයේ ද මෙම අනතුර සිදුව ඇති ස්ථානයේදීමය

Related posts

Sahasra Holdings විදේශ රැකියා බඳවා ගැනීම්, වාර්ෂික සන්නාමය ලෙස Asia Miracle සම්මාන දිනයි

Editor O

ඇමරිකාවේ නව ජනපතිට ශ්‍රී ලංකාවේ ජනපතිගෙන් සහ අගමැතිගෙන් සුභාශිංසන

Mohamed Dilsad

බූස්ටර් ජංගම එන්නත්කරණ වැඩසටහන අද සිට

Mohamed Dilsad

Leave a Comment