දේශීය

විරෝධතාකරුවන් පිරිසකට අධිකරණ නියෝගයක්

‍ගුරු – විදුහල්පති වෘත්තීය සමිති නායකයින් සහ එහි නියෝජිතයින් පිරිසකට කොටුව දුම්රිය ස්ථානය ඇතුළු කොළඹ නගරයේ ප්‍රධාන ස්ථාන කිහිපයකට ඇතුළුවීම සහ එම ස්ථානවල සිට උද්ඝෝෂණ සහ විරෝධතා පැවැත්වීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

 

කොටුව පොලීසිය විසින් සිදුකළ දැනුම් දීමකට අනුව කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්ය.

 

ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංවිධානයේ ලේකම් ජෝසප් ස්ටාලින්, ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ , ලංකා ප්‍රගති ගුරු සංගමයේ ලේකම් මයුර සේනානායක, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර හිමි සහ එම සංගම්වල නියෝජිතයින් සදහා එම නියෝගය නිකුත් කර තිබේ.

 

ඒ අනුව අද උදෑසන 10 සිට පස්වරු 4 දක්වා කොටුව පොලිස් වසමේ, කොටුව දුම්රිය ස්ථානයේ සිට සෙරමික් හන්දිය දක්වාත්, ලෝටස් මාර්ගය, යෝර්ක් වීදිය, බැංකු මාවත, බාරෝන් ජයතිලක මාවත, චෛත්‍ය පාර, ජනාධිපති මාවත, ගාලු මුවදොර වටරවුමේ සිට එම මාර්ගයේ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යංශය සහ ගාලු මුවදොර පිටිය යන පරිශ්‍රයන්ට ඇතුළුවීම තහනම් කරමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය එම නියෝගය ලබා දී ඇති බව වාර්තා වේ.

 

එම ආඥාව කඩකිරීම දණ්ඩ නීති සංග්‍රහ පණතේ 185 වන වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බවද අධිකරණ නියෝගයේ සඳහන්ය.

Related posts

ඉන්ධන සැපයුම ගැන අනපේක්ෂිත තීරණයක්

Mohamed Dilsad

සංචරණ සීමා කඩ කළ පෞද්ගලික බස් රථයක් පොලිස් භාරයට

Mohamed Dilsad

සිල් රෙදි නඩුවෙන් ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට නිදොස් කොට නිදහස්

Mohamed Dilsad

Leave a Comment