දේශීය

ඉන්ධන මිල සංශෝධනය කෙරේ

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

 

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු 60කින් පහළ දමා තිබේ.

 

එහි නව මිල රු 340කි.

 

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීයරයක් රු 135කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 375කි.

 

මේ අතර ඔටෝ ඩීසල් ලීටරයක මිල රු 80කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 325කි.

 

සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 45කින් පහත දමා ඇති අතර එහි නව මිල රු 465කි.

 

භූමිතෙල් ලීටරයක් ද රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 295කි.

 

මේ අතර අද දිනයේ ඉන්ධන ඇනවුම් සිදුකර ඇති පිරිසට යම් සහනයක් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

 

“අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය වෙනවා. මේක එක දවසක විතරක් සිදුවන කටයුත්තක් ලෙස බෙදුම්කරුවන්ට යම් අසාධාරණයක් සිදුනොවන ලෙස කරනවා. අද උදෑසන ඉන්ධන ලබාගත්. අද ඉන්ධන ලබාගැනීමට මුදල් ලබාදීලා ඇණවුම් කරලා ඉන්න අයට අද බවුසර් රථය ගෙනියන්න කලින් මේ මිල සංශෝධනය සිද්ධ වෙයි. එහෙම වුණොත් එයාලට ලොකු අලාභයක් වෙයි. ඒ නිසා ඉන්ධන ඇණවුම් කරපු පිරිසටත් යම් සාධාරණයක් කරමින් ඔවුන්ට සිදුවුණ අලාභයෙන් කොටසක් ලංකා ඛනිජතෙල් සංස්ථාවෙන් ලබාගැනීමේ පදනම මත ඒ කටයුත්ත සිදුකරනවා. ඒ නිසා ඇණවුම් නොපමාව සිදුකරන්න. අද දවසේ ඇණවුම් දැම්මට ගැටලුවක් නෑ. මේ නිවේදනයෙන් පසුව අලුත් මිල ගණන් යටතේ ඇණවුම් ලබාදෙනවා. නමුත් ඇණවුම් යෑමට ටික කාලයක් යයි.”

 

 

Related posts

මැතිවරණ නිරීක්ෂකයන් පිරිසක් ක්ෂේත්‍රයට

Mohamed Dilsad

‘සහල් හිඟයක් ඇති වෙන්නේ නැහැ ‘

Mohamed Dilsad

සජබ සහ එජාප ආතර සාකච්ඡා තවදුරටත් පැවැත්වෙනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා

Editor O

Leave a Comment