දේශීය

බක් පුර පසළොස්වක පොහොය අදයි

බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (05) යෙදී තිබේ.

 

බක් පුර පසළොස්වක පොහොය දිනක ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් වාර්තා වී තිබීම විශේෂත්වයකි.

 

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වන්නේද බක් පුර පසළොස්වක පොහොය දිනයක බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.

 

චූලෝදර සහ මහෝදර යන නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීම සඳහා උන්වහන්සේ නාගදීපයට වැඩම කළ බව සඳහන්ය.

 

එමෙන් ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසළොස්වක පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

 

පොහොය වෙනුවෙන් අද (05) උදෑසන සිටම දිවයිනේ වෙහෙර විහාරස්ථානවල ආමිස හා ප්‍රතිපත්ති පූජා රැසක් සංවිධානය කර තිබූ බව “අද දෙරණ” වාර්තාකරුවන් සඳහන් කළේය.

 

 

Related posts

විශ්වවිද්‍යාල යළි විවෘත වන දින ප්‍රකාශ කෙරේ

Mohamed Dilsad

කෑගල්ල රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකුටත් කොරෝනා

Mohamed Dilsad

මතට ඇබ්බැහිවූවන්ට දුරකථනයෙන් උපදේශන සේවාවක්

Mohamed Dilsad

Leave a Comment